ද්වාරය:ආසියාව
- العربية
- ܐܪܡܝܐ
- Azərbaycanca
- Беларуская (тарашкевіца)
- বাংলা
- کوردی
- Deutsch
- Zazaki
- Ελληνικά
- English
- Español
- فارسی
- Français
- Gagauz
- हिन्दी
- Հայերեն
- Bahasa Indonesia
- Italiano
- 日本語
- ქართული
- Қазақша
- Македонски
- മലയാളം
- ဘာသာမန်
- Bahasa Melayu
- မြန်မာဘာသာ
- Nederlands
- Norsk bokmål
- Polski
- پنجابی
- Português
- Русский
- سنڌي
- Soomaaliga
- தமிழ்
- Türkçe
- Українська
- اردو
- Vèneto
- Tiếng Việt
- 中文
- 粵語
Portal maintenance status: (2020 නොවැම්බර්)
|
හැඳින්වීම
ආසියාව යනු ලොව විශාලතම සහ ජනාකීර්ණම මහාද්වීපය යි. එය පිහිටා ඇත්තේ පෘථිවියේ නැගෙනහිර සහ උතුරු අර්ධගෝලවලය. පෘථිවියේ මුළු මතුපිට වර්ගඵලයෙන් 8.6%ක් හෙවත් මුළු භූමි ප්‍රමාණයෙන් 29.9%ක් එයට අයත් වෙයි. එහි බිලියන 4ක ජන ප්‍රමාණයක් ජීවත් වෙන අතර මෙය වත්මන් ලෝක ජනගහණයෙන් 60%කි. 20 වැනි සියවස තුළ ආසියාවේ ජනගහණය සිව් ගුණයකින් වැඩි විය.[1]
ආසියාව අර්ථ දක්වා ඇත්තේ සූවස් ඇළෙන්, යූරල් කඳුවලින්, කොකේසස් කඳුවලින්, කැස්පියන් මුහුදෙන් සහ කළු මුහුදෙන් නැගෙනහිරින් පිහිටි යුරේසියාවේ නැගෙනහිර භූමි කොටස ලෙසයි[2]. යුරේසියාවේ බටහිර භූමි කොටස යුරෝපය යි. ආසියාව නැගෙනහිරින් පැසිපික් සාගරයෙන් ද, දකුණින් ඉන්දියන් සාගරයෙන් ද, උතුරින් ආක්ටික් සාගරයෙන් ද මායිම් වී ඇත.
තෝරාගත් ලිපි
-
Image 1
ලෙබනන් සමුහාණ්ඩුව නැගෙනහිර මධ්‍යධරණී මුහුදේ බටහිර ආසියාවේ පිහිටි රටකි. එය මායිම් වන්නේ උතුරින් හා නැගෙනහිරින් සිරියාවටත්, දකුණින් ඊශ්‍රායලයටත්ය. ලෙබනනයේ මධ්‍යධරණියේ හා අරාබියේ පිහිටීම මත එයට පොහොසත් ඉතිහාසයක්, සංස්කෘතිමය අනන්‍යතාවයක්, ආගමික හා මානව විවිධත්වයක් ලැබී ඇත. එහි ඉතිහාසයට අනුව මීට වසර 7000 ට පෙර මානව ශිෂ්ඨාචාරයක් පැවතුණි. එය අවුරුදු 2500 ක සිට ෆිනිෂියන්වරුන්ගේ කාලයේ සිට පැවැත එන්නකි. 2 වන ලෝක යුද්ධයෙන් පසු ඔටොමන් අධිරාජ්‍යයේ කඩා වැටිමත් සමඟ එහි තිබු ප්‍රදේශ 5 ක් නිල වශයෙන් ප්‍රංශය යටතට ගන්නා ලදි. ප්‍රංශය විසින් ලෙබනනයේ මායිම් වන මවුන්ට් ප්‍රදේශය පුළුල් කරන ලදි. එහි මැරොනයිට් කතෝලිකයන් සහ වැඩි වශයෙන් මුස්ලිම්වරුන් පදිංචි කරන ලදි.1943 දි මෙම රට නිදහස ලැබු අතර ඔවුන් පාපොච්චාරණ ප්‍රතිපත්ති ප්‍රකාශය යනුවෙන් දේශපාලන පද්ධතියක් නිර්මාණය කළ අතර, එය ආගමික සංවිධාන මත බලය බෙදීමේ ක්‍රියාවලියකි. 1975 – 1990 පැවැති සිවිල් යුද්ධයට පෙර එරටෙහි සාමය හා සෞභාග්‍යය පැවති අතර සංචාරක, කෘෂිකාර්මික හා බැංකු කටයුතු පැවතුණි. එහි තිබු ආර්ථික බලය හා විවිධත්වය හේතුවෙන් එය නැගෙනහිර ස්විස්ටර්ලන්තය වශයෙන් හඳුන්වනු ලැබීය. එය විශාල සංචාරකයින් ඇදගත් අතර අගනුවර වන බීරුට් මැදපෙරදිග පැරිසිය වශයෙන් හඳුන්වනු ලැබීය. 2006 ජූලි 26 වන තෙක් ලෙබනනයේ ස්ථිරත්වයක් පැවති අතර 2006 ඊශ්‍රායලය හා හිස්බුල්ලා අතර යුද්ධයෙන් සිවිල් ජනතාව මරණයට පත් වු අතර එහි සිවිල් පද්ධතියට හානි පැමිණියහ. එහි පැවැති මනා ආර්ථික පාලනය හේතුවෙන් 2007 – 2010 පැවැති ආර්ථික අර්බුදයෙන් එහි බැංකු කටයුතු වලට හානියක් නොවීය. ලෝක ආර්ථික පසුබෑම අභියස ලෙබනනය ආර්ථික වර්ධනය 90% හා එහි ඉතිහාසයේ විශාලතම සංචාරකයන් පිරිසකට සත්කාර කළහ. (තව දුරටත්...) -
Image 2
උතුරු සයිප්‍රසය (තුර්කි: Kuzey Kıbrıs), නිල වශයෙන් උතුරු සයිප්‍රසයේ තුර්කි ජනරජය (TRNC; තුර්කි: Kuzey Kıbrıs Türk Cumhuriyeti) ලෙස හැඳින්වෙන්නේ සයිප්‍රස දිවයිනේ ඊසාන දිග කොටසේ පිහිටි ස්වයං ප්‍රකාශිත රාජ්‍යයක් වේ. එය පිළිගනු ලබන්නේ තුර්කිය විසින් පමණි. උතුරු සයිප්‍රසය, සයිප්‍රස් ජනරජයේ කොටසක් විය යුතු බවට අන්තර්ජාතික ප්‍රජාව විසින් සළකනු ලබයි.
උතුරු සයිප්‍රසය ඊසානදිගින් කර්පාස් අර්ධද්වීපයේ කෙළවරේ සිට මොර්ෆියු බොක්ක, කොර්මකයිටිස් තුඩුව සහ බටහිරින් කොකිනාව තෙක් විහිදී පවතී. එහි වඩාත් දකුණින්ම පිහිටා ඇත්තේ ලොව්රව්ජිනා ගම්මානය යි. එක්සත් ජාතීන්ගේ පාලනය යටතේ පවතින ප්‍රේරක කලාපයක් උතුරු සයිප්‍රසය හා සයිප්‍රස දිවයිනේ ඉතිරි ප්‍රදේශය අතරමැදින් විහිදී පවතින අතර එමගින් දිවයිනේ විශාලතම නගරය වන නිකොසියාව බෙදීමකට ලක් කරයි. රාජ්‍යයන් දෙකෙහිම අගනගරය වන්නේ නිකොසියාව යි. (තව දුරටත්...) -
Image 3
සිංගපුරුව (ස්වදේශික නාමය සිංහපුර, නිල නාමය රිපබ්ලිකා සිංහපුරා) මලයා අර්ධද්වීපයේ දකුණු කෙලවරේ පිහිටි සමකයට කිලෝමීටර් 137ක් උතුරින් පිහිටි අග්නිදිග ආසියාතික රටකි.සිංගපුරුවට දුපත් 63 ඇත,it is separated from Malaysia by the Straits of Johor to its north and from Indonesia's Riau Islands by the Singapore Strait to its south. Singapore is highly urbanised but almost half of the country is covered by greenery. More land is being created for development through land reclamation.[k.aru.sheshan] 1 නොවැම්බර් 2011 13:35
(තව දුරටත්...) -
Image 4
උස්බෙකිස්ථානය නිළ වශයෙන් උස්බෙකිස්ථාන් සමුහාණ්ඩුව මධ්‍යම ආසියාවේ පිහිටි රටකි. එය මායිම් වන්නේ බටහිරින් හා උතුරින් කසකස්ථානය, නැගෙනහිරින් කියර්ගිස්තානය හා නැගෙනහිරින් ටජිකිස්ථානය දකුණින් අෆ්ගනිස්ථානය හා ටර්ක්මෙනිස්ථානයටය. මුල් 16 වන ශතවර්ෂයේ දී නැගෙනහිර ටර්නින් භාෂාවන් කථා කල උස්බෙක් නොමෑඩ්වරුන් විසින් මෙම රාජ්‍ය අල්ලා ගත්හ. වර්තමානයේ උස්බෙකිස්ථාන ජනගහනය අයත් වන්නේ අස්බෙස් ජන වර්ගයට අනුව ඔවුන් එම භාෂාව කථා කරයි. 19 ශතවර්ෂයේ දී උස්බෙකිස්ථානය රුසියානු රාජ්‍යයට එක් කල අතර 1924 වර්ෂයේ දී සෝවියට් සංගමයේ ව්‍යවස්ථාදායක සමුහාණ්ඩුවක් බවට පත් විය. එය නිදහස් සමුහාණ්ඩුවක් ලෙස 1991 පටන් පවතී. උස්බෙකිස්ථානය ආර්ථිකය මුලික වශයෙන් වෙළඳ භාණ්ඩ වන කපු, රත්තරන්, යුරේනියම්, පොටැසියම් සහ ස්වභාවික වායු මත යැපේ. එය වෙළඳ ආර්ථිකයකට මාරුවීමට ද පරමාර්ථ කොටගෙන තිබේ. රට ස්ථාවර ආර්ථිකයන් රදා පවත්වා ගන්නට උත්සාහ දරන අතර ඒ නිසා විදේශ ආයෝජකයින් ද වළක්වා ගෙන ඇත. මෙම ක්‍රමයෙන් හා ස්ථිරව මාරුවිමට දරණ පනත අනුව 1995 පසු ආර්ථික වශයෙන් යහපත් ප්‍රතිචාර දක්වා නොමැත. උස්බෙකිස්ථානයේ පවතින මානව හිමිකම් පනත හා ඒක පුද්ගල නිදහස් අන්තර්ජාතික සමාගම්වල විවේචනයට භාජනය වී ඇත. එහි 45% කට ආසන්න ජනගහනයක් දිනකට ඇ. ඩො. 1.25 කට වඩා අඩුවෙන් උපයයි.
(තව දුරටත්...) -
Image 5
ජෝර්දානය ( අරාබි: الأردن al-Urdun), නිල වශයෙන් ජෝර්දාන් හැෂ්මයිට් රාජධානිය (අරාබි: المملكة الأردنية الهاشمية al-Mamlakah al-Urdunīyah al-Hāshimīyah) යනු, ජෝර්දාන් නදියේ බටහිර ඉවුරේ පිහිටි, බටහිර ආසියාවේ අරාබි රාජධානියකි. දකුණු සහ නැගෙනහිර දෙසින් සවුදි අරාබියාවෙන්ද, ඊසාන දෙසින් ඉරාකයෙන්ද, උතුරු දෙසින් සිරියාවෙන්ද සහ, බටහිර දෙසින් ඊශ්‍රායෙලයෙන්ද ජෝර්දානය මායිම් වී ඇත.
බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය විසින් සිදු කල, බටහිර ආසියාවේ පශ්චාත්-පළමුවන ලෝක යුද්ධ බෙදීමට පසුව, ජාතීන්ගේ සංගමයෙහි කවුන්සිලය විසින් 1922 වසරෙහිදී ට්‍රාන්ස්ජෝර්දාන එමීර් රාජ්‍යය නිල වශයෙන් පිළිගන්නා ලදි. 1946 වසරෙහිදී, ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් බවට පත්වූ ජෝර්දානය, නිල වශයෙන් හැඳින්වුනේ ට්‍රාන්ස්ජෝර්දාන හැෂ්මයිට් රාජධානිය ලෙසිනි. 1948 අරාබි–ඊශ්රායෙල යුද්ධය තුලදී, බටහිර ඉවුර අත්පත් කර ගැනීමෙන් පසුව, පළමුවන අබ්දුල්ලා රජ විසින්, ජෝර්දානයේ රජ නමැති අභිධානය ලබා ගති. 1948 දෙසැම්බර් 1 දිනදී, රාජ්‍යයේ නම, ජෝර්දාන් හැෂ්මයිට් රාජධානිය බවට වෙනස් කරන ලදි. (තව දුරටත්...) -
Image 6
සිරියා අරාබි සමුහාණ්ඩුව බටහිර ආසියාවේ පිහිටි රටකි. එය මායිම් වන්නේ බටහිරින් ලෙබනන් හා මධ්‍යධරණි මුහුද, උතුරින් තුර්කිය, නැගෙනහිරෙන් ඉරානය, දකුණින් ජෝර්දානය හා නිරිතෙන් ඊශ්‍රාලයටය. සිරියා නමට ඇතුලත් වන්නේ ලැඩන්ට් මුළු රාජ්‍යමය. වර්තමානයේ එහි පුරාතන රාජධානි කිහිපයක හා 3 වන මිලේනියමෙහි ඇබ්ලන් ජනාවාසය ඇතුලත් වේ. ඉස්ලාමීය යුගයේ අගනුවර වන දමස්කස් උයයැඩ් රාජධානියේ ආසන්නයේ වු අතර එය ටම්ලුන් රාජධානියේ ප්‍රාදේශීය අගනුවර විය. දමස්කස් ලෝකයේ අඛණ්ඩව ජනාවාසයක්ව පැවැති පැරණිතම නගරයයි. සිරියාව ප්‍රංශ නිල නියෝගයකින් ආරම්භ වු අතර 1946 අප්‍රේල් මාසයේ නිදහස ලැබීය. 1949 – 1970 අතර කාලය තුල හමුදා කාණ්ඩ බලඇණි විසින් රට තුල අසහනය ඇති කිරීමට උත්සාහ ගන්නා ලදි. සිරියාව 1962 සිට හදිසි නීතිය යටතේ තිබු අතර, එයින් සිවිල් ජනයාගේ බොහෝ ව්‍යවස්ථාදායක අයිතීන් නතර වු අතර එහි රාජ්‍ය තන්ත්රය ප්‍රජාතාන්ත්‍රික නොවන සේ සැලකේ. 1963 සිට බාත් පක්ෂය විසින් රට පාලනය කල අතර රටේ සැබෑ පාලනය පවතින්නේ ජනාධිපතිවරයා, කුඩා හමුදා කණ්ඩායම් හා දේශපාලන බලවතුන් කිහිපදෙනෙකු අතරය. වර්තමානයේ සිරියාවේ ජනාධිපති වන්නේ බශා අල් අටාඩ්ය. ඔහු දෙවන නිල කාලය සඳහා පැවැති මැතිවරණයෙන් ඡන්ද 97.62% , 2007 වර්ෂයේ දී ලබා ගත්හ. ඔහුගේ පුතා වන හෆේස් අල් අසාඩ් ද 1970 සිට 2000 වර්ෂයේ මියයන තෙක් බලයේ සිට ඇත. සිරියාව, අරාබි සහ ඊශ්‍රායලය අතර අරගලයේ ප්‍රාදේශීය මධ්‍යස්ථානයක් ලෙස සහභාගී විය. ජනගහනයෙන් වැඩි පිරිසක් මුස්ලිම් වන අතර සැළකිය යුතු ප්‍රමාණයක් අලපිටි, ෂියා, ක්‍රිස්තියානි, ඩෲස් ආගම් අදහති. සුළු පිරිසක් 1960 වර්ෂයේ සිට අලවීමා හමුදා නිළධාරින් රටේ දේශපාලනය පාලනය කරන අතර, ජනගහනයෙන් 80% පමණ අරාබිය. එය පාලනය කරනු ලබන්නේ බාත් පක්ෂය වන අතර අරාබි ජාතික නීතියන්ට අනුකූලවය. ජනගහනයෙන් 20% අයත් වන්නේ තර්ඩිෂ්, ආමේනියානු, අසරියන්, තුර්කා හා සුළු සර්කැසියන් ජන වර්ගයකිනි.
(තව දුරටත්...) -
Image 7
නැගෙනහිර ටිමෝරය (i/ˈtiːmɔr/, අහන්න) ටිමෝර්-ලෙස්ටේ ලෙසද හැඳින්වේ.(/tiˈmɔr ˈlɛʃteɪ/; පෘතුගීසි උච්චාරණය: [ti'moɾ 'lɛʃ.tɨ]; ), නිල වශයෙන් ටිමෝර්-ලෙස්ටේ ප්රජාතන්ත්රවාදී ජනරජය (පෘතුගීසි: República Democrática de Timor-Leste,) අග්නිදිග ආසියාවේ දූපත් රටකි. එය ටිමෝර් දිවයිනේ නැගෙනහිර අර්ධය, වයඹ අර්ධයේ ඔයකසී එක්ස්ක්ලේව් සහ කුඩා දූපත් වන අටවුරෝ සහ ජැකෝ වලින් සමන්විත වේ. ඕස්ට්‍රේලියාව යනු ටිමෝරය මුහුදෙන් වෙන් වූ රටේ දකුණු අසල්වැසියා වේ. රටේ විශාලත්වය වර්ග කිලෝමීටර් 14,874 (වර්ග සැතපුම් 5,743) වේ. දිලී එහි අගනුවරයි.
නැඟෙනහිර ටිමෝරය දහසයවන සියවසේදී පෘතුගීසි බලපෑමට යටත් වූ අතර, 1975 දක්වා පෘතුගීසි යටත් විජිතයක්ව පැවතුණි. අභ්‍යන්තර ගැටුම් ඒකපාර්ශ්වික නිදහස ප්‍රකාශ කිරීමට සහ ඉන්දුනීසියානු ආක්‍රමණයට හා ඈඳා ගැනීමට පෙරාතුව විය. ඉන්දුනීසියානු පාලනය පුරාවටම ප්‍රතිරෝධය අඛණ්ඩව පැවති අතර, 1999 දී එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය ලත් ස්වයං නිර්ණ පනතක් මගින් ඉන්දුනීසියාව භූමියේ පාලනය අත්හැරීමට හේතු විය. ටිමෝර්-ලෙස්ටේ ලෙස, එය 2002 මැයි 20 වන දින 21 වන සියවසේ පළමු නව ස්වෛරී රාජ්‍යය බවට පත් විය. (තව දුරටත්...) -
Image 8
බෲනායි නිල වශයෙන් බෲනායි දරුසලාමි හෝ බෲනායි රාජ්‍ය නමින් හැඳින්වේ. සාමයේ මුලස්ථානය (මැලේ, නෙගාරා බෲනායි දරුසලාම්, ජාවී)වන බෲනායි රාජ්‍යය දකුණු ගිණිකොන ආසියාවේ බෝනියෝහි උතුරු වෙරල තීරයෙහි පිහිටා ඇත. දකුණු චීනයේ වෙරළ තීරය හැරුණුකොට, එය සම්පූර්ණයෙන්ම මැලේසියාවේ සාරවත් රාජ්‍යයන්ගෙන් වට වී ඇත. තවද එය කොටස් දෙකකට වෙන් වී ඇත. එය ලිම්බාත් වලින් වෙන් වී ඇත. බෲනායි හි ඉහළම මානව වර්ධන ලැයිස්තුව පිහිටා ඇති රටක් වන අතර, එය දකුණු ගිනිකොණ රාජ්‍යයන් අතර වේ. සිංගප්පූරුව සංවර්ධිත රටක් ලෙස ලැයිස්තු ගත කර ඇත. අන්තර්ජාතික මූල්‍ය අරමුදලට අනුව (IMF), බෲනායි දල ගෘහස්ථ නිෂ්පාදිත මිලදී ගැනීම් අනුව ලෝකයේ හතරවන ස්ථානයේ සිටී.
(තව දුරටත්...) -
Image 9
ආර්මේනියාව නිලවශයෙන් ආර්මේනියා සමුහාණ්ඩුව නම්වේ. යුරේසියාවේ කොකේසස් ප්‍රදේශයේ පිහිටි කඳුමුදුන් වලින් සමන්විත රටකි. බටහිර ආසියාවේ හා නැගෙනහිර යුරෝපයේ මංසන්ධියක පිහිටි මෙය, බටහිරින් තුර්කියට, උතුරින් ජෝර්ජියාවට, නැගෙනහිරින් ඩි ෆැක්ටෝ නිදහස් රාජ්‍යයට, නගොනො කරබැක් සමුහාණ්ඩුවට, අසර්බයිජානියට, දකුණින් ඉරානය සහ අසර්බයිජානි නක්චිවාන්වලට මායිම් වේ. අතීතයේ සෝවියට් සමුහාණ්ඩුවට අයත් වූ ආර්මේනියාව වත්මන ඒකීය බහු පක්ෂ ප්රජාතන්ත්රවාදී ජාතික රාජ්‍යයක් වන අතර, එයට පැරණි ඓතිහාසික සංස්කෘතිමය ඉතිහාසයක් තිබුණි. ආර්මේනියා රාජධානිය 4 වැනි ශතවර්ෂයේ මුල් කාලයේ පැවති ක්‍රිස්තු ධර්මය වැළඳ ගත් මුල්ම රාජ්‍යය විය. (සාම්ප්‍රදායික දිනය 301). නව ආර්මේනියා සමුහාණ්ඩුව ඔවුන්ගේ ජාතික දේවස්ථානය වශයෙන් ආර්මේනියානු අපොස්තලිත පල්ලිය විසින් පිළිගෙන ඇති අතර, සමුහාණ්ඩු තුළ දේවස්ථාන හා රාජ්‍ය අතර වෙන් කිරීම් ආර්මේනියානු අපොස්තලිත පල්ලි අතර රාජ්‍ය නීති පද්ධතිය තුළ තිබේ. ආර්මේනියාව අන්තර් ජාතික සංවිධාන 40 කට වැඩි ගණනක සාමාජිකයෙක් වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපානු කවුන්සිලය, ආසියානු සංවර්ධිත බැංකුව, නිදහස් පොදු රාජ්‍ය මණ්ඩලය, ලෝක වෙළෙඳ සංගමය සහ ලා ෆ්‍රන්කෝෆෝනි වේ. එය CSTO හමුදා සන්ධානයේ සාමාජිකයෙක් ද වන අතර, නේටෝහි සාමය සඳහා සහයෝගිතාවයෙහි සහයෝගිතාවය ද දරයි. 2004 වසරේ එහි හමුදා නොසෝවෝහි නේටෝ මෙහෙය වූ අන්තර්ජාතික හමුදාවක් වන KFOR සමඟ සම්බන්ධ විය. එය යුරෝපියානු ආර්ථික සංගමයේ නිරීක්ෂණ සාමාජිකයෙක් වන අතර, පොදු රාජ්‍ය මණ්ඩලයේ ද සාමාජිකයෙකි. මෙහි මතුවෙමින් පවතින ප්රජාතන්ත්රවාදයක් තිබේ. ආර්මේනියාව මධ්‍යම මානව සංවර්ධනයන් පවතින රටක් ලෙස නම් කොට ඇති අතර, එහි ජනගහනයෙන් 10.6% ක් ජාත්‍යන්තර දිළිඳු තීරයට පහලින් සිටි ඒක පුද්ගල දිනක ආදායම ඇමරිකානු ඩොලර් 1.25 පමණ වේ. (තව දුරටත්...) -
Image 10
කීර්ගිස්තානය නිළ වශයෙන් කීර්ගිස්තාන් සමුහාණ්ඩුව, මධ්‍යම ආසියාවේ රටකි. එය මායිම් වන්නේ උතුරින් කසක්ස්තානය, බටහිරින් උස්බෙකිස්ථානය, නිරිත දෙසින් ටජිකිස්තානය සහ නැගෙනහිරින් චීනයට ය. පුරාවෘත්තයක සඳහන් මනාස් යන වීරයාගේ ගෝත්‍රයන් 40 යක නාමයෙන් බිදී ආ නමක් ලෙස කීර්ගිස්තානය හඳුන්වයි. ඒ රටේ ජාතික කොඩියේ ඇති හිරු කිරණ 40 යෙන් එම ගෝත්‍ර 40 විදහා දක්වයි. (තව දුරටත්...) -
Image 11
ඕමාන් සුල්තාන් රාජ්‍යය (Sultanate of Oman) යන නිල නාමයෙන් හඳුන්වන ඕමාන් දේශය අරාබි අර්ධද්වීපයේ ගිණිකොන දිග වෙරළ තීරය වන නිරිත දිග ආසියාවේ පිහිටි අරාබි රටකි. වයඹට එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බටහිරට සවුදි අරාබිය, නිරිත දිගට රෝමයද, ඕමාන් රාජ්‍යයේ දේශ සීමාවන් වේ.
වෙරළ තීරය සමන්විත වන්නේ, දකුණින් හා නැගෙනහිරින් අරාබි මුහුදෙන් හා ඊසාන දිගින් ඕමාන් මුහුදු බොක්කෙනි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් වටවී ඇති මධ" (Madha) සහ 'මුසන්ඩම්' (Mausandam) යන ප්‍රදේශයන් ද මෙරටට අයත් වේ. (තව දුරටත්...) -
Image 12
ලාඕසය (නිල නාමය: ලාඕ මහජන ප්රජාතන්ත්රවාදී ජනරජය) ගිනිකොණදිග ආසියාවේ පිහිටි රටකි. සතර අතින්ම ගොඩබිමින් මායිම් වුණු ලාඕසයේ වයඹින් බුරුමය සහ චීනය ද, නැගෙනහිරින් වියට්නාමය ද, දකුණින් කාම්බෝජය ද, බටහිරින් තායිලන්තය ද පිහිටා ඇත. 2012 දී එහි ඇස්තමේතුගත ජනගහණය මිලියන 6.5ක් පමණ විය. රටේ ජනගහණයෙන් 33%ක් පමණ ලෝක දරිද්‍රතා මායිමෙන් පහළ, එනම් දිනකට ඇමෙරිකානු ඩොලර් 1.25කට වඩා අඩු ආදායමක් උපයමින්, ජීවත් වෙති.
ලාඕසයේ ඉතිහාසය 14 සිට 18 වැනි ශතවර්ෂය දක්වා පැවති ලන් සං රාජධානිය තෙක් දිවෙයි. එතෙක් රාජ්‍ය තුනක් ලෙස පැවති මෙම රාජධානිය 1893 දී ප්‍රංශ යටත්විජිතයක් ලෙස ලාඕසය නමින් එක් රටක් බවට පත් විය. 1945 දී ජපාන ආක්‍රමණයකින් පසුව තාවකාලිකව නිදහස ලබා ගත්තත්, නැවත ප්‍රංශ ග්‍රහණයට නතු වුණු ලාඕසය ස්වතන්ත්‍ර රජයක් බවට පත් වූයේ 1949 දීය. 1953 දී ලාඕසය සිසවං වොං යටතේ ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක් ලෙසින් නිදහස ලබා ගත්තේය. වසර කිහිපයකට පසු පැවැති සිවිල් යුද්ධයකින් රාජාණ්ඩුව පහකෙරුණු අතර පැතෙට් ලාඕ නමැති කොමියුනිස්ට් කණ්ඩායම 1975 දී බලය පැමිණෙන ලදී. (තව දුරටත්...) -
Image 13
මලයාසියාව ගිණිකොණ ආසියාවේ පිහිටි රාජ්‍ය 30 කින් හා එක්සත් පාලන ප්‍රදේශ 3 කින් සමන්විත වර්ග කි.මී. 329,845 (වර්ග සැතපුම් 127,354) යුත් රටකි. අගනුවර වන්නේ ක්වාලා ලම්පූර්ය. එක්සත් ආණ්ඩුවේ ආසනය වන්නේ පුම්මුජයාය. ජනගහනය මිලියන 28 කි. මැලේසියාව මායිම් වන්නේ තායිලන්තය, ඉන්දුනිසියාව, සිංගප්පුරුව හා බෲනායි වේ. එය නිරක්ෂයට ආසන්න වන අතර සෞම්‍ය දේශගුණයක් ඇත. රාජ්‍ය නායකයා වන්නේ යැන්ග් ඩී. පර්ටුආන් අගොන්ග්ය. රාජාණ්ඩුවේ හා රාජ්‍යයේ නායකයා වන්නේ අගමැතිය. මෙරට පවතින්නේ වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමයයි. 1963 තෙක් මැලේසියාව රාජ්‍යයන් ලෙස නොපැවතුණි. 18 වන ශතවර්ෂය සිට එක්සත් රාජධානියේ බලපෑම ජනාවාස ඇති කිරීමට හේතු විය. වර්තමාන මැලේසියාවේ බටහිර කොටස රාජධානියන් කිහිපයකින් අඩංගු විය. 1946 දි විසිර යාමට පෙර එය බ්‍රිතාන්‍යය මලයාව වශයෙන් හඳුන්වනු ලැබීය. 1948 දි රටේ විසිරි පැවති විපක්ෂ හේතුවෙන් එය එක්සත් මැලේසියාව වශයෙන් නම් කල අතර, 1957 අගෝස්තු 31 දා නිදහස ලැබීය. 1963 වර්ෂයේ සැප්තැම්බර් 16 වනදා සිංගප්පුරුව, සරවන්, බ්‍රිතාන්‍ය, උතුරු බෝනියෝව එකතුවෙන් මැලේසියාව පිහිටුවන ලදි. 20 වන ශතවර්ෂයේ දී රට ආර්ථිකය අතින් ඉහළට ගියේය. එහි මායිමක් වන මලක්කාව වැදගත් නැව් සේවයේ සන්ධිස්ථානයකි. විදේශ වෙළදාම මෙරට ආර්ථිකය පෝෂණය කර ඇත. නිෂ්පාදනය මැලේසියානු ආර්ථිකයේ ඉහල කොටසක් දරන අතර, ශාක හා සත්ව ජෛව විවිධත්වය පවතින රටවල් 17 න් එකක් ලෙස සැලකේ. (තව දුරටත්...) -
Image 14
ඇෆ්ගනිස්ථාන ඉස්ලාමික ජනරජය, එසේත් නැතිනම් පොදු ව්‍යවහාරයට අනුව ඇෆ්ගනිස්ථානය යනු දකුණු-මධ්‍යම ආසියාවේ පිහිටි සම්පූර්ණයෙන්ම ගොඩබිමින් වටවූ කඳුකර රාජ්‍යයකි. එය දකුණින් සහ නැගෙනහිරින් පාකිස්ථානයට ද, බටහිරින් ඉරානයට ද, උතුරින් තුර්කමෙනිස්ථානයට, උස්බෙකිස්ථානයට සහ ටජිකිස්ථානයට ද, ඊසානදිගින් චීනයට ද මායිම් වී ඇත. වත්මන් ඇෆ්ගනිස්ථාන භූමිය අතීතයේ දී සේද මාවතේ සහ මානව සංක්‍රමණයේ සන්ධිස්ථානයක් විය. ක්‍රිපූ 50,000 තරම් ඈත අතීතයේ මෙහි මිනිස් වාසය පැවති බවට සාක්ෂි පුරාවිද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත. මේ ප්‍රදේශයේ නාගරික ජනාවාස ක්‍රිපූ 3000-2000 අතර කාලයක ඇරඹෙන්නට ඇතැයි සැළකේ.
කාලයත් සමග ජනවර්ග රාශියක් ජීවත් වී ඇති ඇෆ්ගනිස්ථානය, මධ්‍යම ආසියාව සහ මැදපෙරදිගත් ඉන්දියානු උපමහාද්වීපයත් යා කරන වැදගත් ස්ථානීය පිහිටුමක පවතියි. මේ නිසාම පුරාණයේ සිටම මහා ඇලෙක්සැන්ඩර්, මෞර්ය අධිරාජ්‍යය, ජෙන්ගිස් ඛාන් වැන්නන්ගේ හමුදා ආක්රමණවලට ඇෆ්ගනිස්ථානය ගොදුරු වී ඇත. (තව දුරටත්...) -
Image 15
තුර්කි සමූහාණ්ඩුව යුරෝපියානු රටක් වන අතර එය බටහිර ආසියා ඇනටෝලියන් අර්ධද්වීපය ට්‍රේස් ගිනිකොණ යුරෝපය දක්වා විහිදේ. එහි මායිමේ රටවල් 08 ක් වන වයඹ දෙසින් බල්ගේරියාව, බටහිරින් ග්‍රීසිය,ඊසාන දෙසින් අමේනියා අසබයිජාන්,නැගෙනහිරින් බටහිර ඉරානය, ගිනිකොණ දෙසින් ඉරාකය සහ සිරියාව, දකුණු දෙසින් මධ්‍යධරණී මුහුද හා සයිප්‍රසය, බටහිර දෙසින් එයිගියන් මුහුද සහ උතුරින් කළු මුහුදට අයත් වේ. ජනගහනයෙන් බහුතරයක් ජනවාර්ගික තුර්කි හා කර්ටිස් වේ.එරට ප්රබලතම ආගම වන්නේ ඉස්ලාම්ය. රාජ්‍ය භාෂාව වන්නේ තුර්කිය. අගනුවර අන්කරා වේ.තුර්කිය ඔටෝමන් අධිරාජ්‍යයේ අනුප්රාප්තිකයෙකි. එය ප්රජාතන්ත්රවාදි ලෞකික එකමුතු ව්‍යවස්ථදායක සමූහාණ්ඩුවකි. 1923 මුස්තෆා කොමාල්ගේ නායකත්වයෙන් දේශපාලන පද්ධතිය පිහිටුවන ලදී. ඉන්පසු තුර්කිය බටහිර හා සමඟ බද්ධ වි ඇති අතර යුරෝපා කවුන්සිලය, නේටෝ, ඕ.ඊ.සී.ඩී (Organisation for Economic Co-operation and Development), ඔ.එ.ස්.සී.ඊ (Organization for Security and Co-operation in Europe) සහ ජි විස්ස කණ්ඩායම යන සමුළුවල සාමාජිකත්වය දරයි.2005 වර්ෂයේ යුරෝපානු සංගමය සමඟ සම්පූර්ණ සාමාජිකත්වය සඳහා සාකච්ඡා කර ඇත. 1963 සිට යුරෝපානු ආර්ථික කමිටුවේ සහකාර සාමාජිකයෙක් හා 1995 ආචාර සංගම් එකඟතාවයකට පැමිණියහ. මෙරට නැගෙනහිර ආසියාව,මැදපෙරදිග,තුර්කික් රාජ්‍යය මධ්‍යම ආසියාව සමඟ සංස්කෘතික, දේශපාලන ආර්ථික හා කාර්මික සබඳතාවයන් ගොඩනගා ඇත. (තව දුරටත්...) -
Image 16
-
Image 17
පිලිපීන (i/ˈfɪləpiːnz/ FIL-ə-peenz; Tagalog: Pilipinas [ˌpɪlɪˈpinɐs] or Filipinas [ˌfɪlɪˈpinɐs]) සමූහාණ්ඩුව බටහිර පැසිෆික් සාගරයේ ගිනිකොණ ආසියාවේ පිහිටි රටකි. මායිම් උතුරින් ලුසාන් සමුද්‍ර සන්ධිය, බටහිරින් හා දකුණින් චීන මුහුද, නිරිතදිගින් සුලූ මුහුද, නැගෙනහිරින් පිලිපීන මුහුදට මායිම් වේ. කොදෙව් දුපතක් වන මෙම දූපත් 7,641 හා භූගෝලීය වශයෙන් ප්‍රදේශ 03 වන ලූසෝන්, විසායාස් හා මන්ඩානෝ වලට බෙදේ. අගනුවර වන්නේ මැනිලාය. ජනගහනය මිලියන 92 වන අතර ලෝකයේ ජනාකීර්ණ 12 වන නගරයයි. විදේශ රටවල පිලිපීන ජාතිකයන් මිලියන 11 වෙසේ.සෞම්‍ය දේශගුණය ජෛව විවිධත්වයෙන් ඉහළය. මෙහි මුල් පදිංචිකරුවන් වශයෙන් නෙග්රිටෝ ජනයා විසීය. මොවුන්ගෙන් පසු ඔස්ට්‍රොනේසියන් ජනතාව මැලේ, හින්දු සහ ඉස්ලාම් සංස්කෘතීන් ගෙන ආවේය. චීනුන් විසින් වෙළදාම හඳුන්වා දෙනු ලැබීය. 1521 ෆර්ඩිනන් මැගලන් ස්පාඤ්ඤ යුගයක් ඇති කළේය. 19 වන 20 වන ශත වර්ෂ වල පැවති යුධමය හා විප්ලවකාරී පසුබිමකින් පසු ඇමරිකාව ස්පාඤ්ඤය හට බලය පවරන ලදී. දෙවන ලෝක යුද්ධයෙන් පසු පිලිපීනය නිදහස ලැබීය. (තව දුරටත්...) -
Image 18
අසර්බයිජානය යන නමින් නිල වශයෙන් හඳුන්වනු ලබන මෙම රට යුරේෂියාහි කෝකසස් ප්‍රාන්තයේ පිහිටි රටකි. බටහිර ආසියාව හා නැගෙනහිර යුරෝපය අතර පිහිටා ඇති අතර එහි මායිම් වන්නේ නැගනෙහිරින් කැප්සියන් මුහුදත්, උතුරින් රුසියාව, ඊසාන දෙසින් ජෝර්ජියාව, බටහිරින් ආමේනියාව හා දකුණින් ඉරානයත්ය. නකචිවා මායිම් වන්නේ උතුරින් හා නැගෙනහිරින් ආමේනියාවත්, බටහිරින් හා දකුණින් ඉරානයට හා කෙටි දේශසීමාවකින් යුත් වයඹ තුර්කියට වේ. බහුතරයක් ආමේනියානුවන් වෙසෙන නගොනෝ තරබන් ප්‍රාන්තය අසර්බයිජානයේ නිරිත දෙසින් පිහිටි අතර, එය 1991 අසර්බයිජානයෙන් වෙන්වී නිදහස් රාජ්‍යයක් බවට පත්විය. නමුත් එය කිසිදු රාජ්‍යයකින් රාජතාන්ත්‍රික වශයෙන් පිළිනොගන්නා බැවින් තවමත් අසර්බයිජානයේ කොටසක් ලෙස පිළිගනියි. අසර්බයිජානයේ වෙසෙන ජනයාගෙන් බහුතරයක් තුර්කි හා මුස්ලිම් ජාතිකයින් වන අතර, ලෞකික හා ඒකාබද්ධ සමුහාණ්ඩුවක් පවතින පැරණි හා ඓතිහාසික වටිනාකමින් යුත් සංස්කෘතික ලක්ෂණයන්ගෙන් හෙබි නගරයකි. අසර්බජානය ගුවාමි රසායන අවි තහනම් කිරීමේ සංගමයේ ආරම්භක සාමාජිකයෙකි. 1993 දී සැප්තැම්බර්හි දී පොදු රාජ්‍ය මණ්ඩලීය නිදහස් රාජ්‍යයන් අතරට ද අසර්බයිජානය එක් විය. යුරෝපියානු කොමිසමේ විශේෂ නියෝජිතයකු රට තුළ සිටින අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය, OSCE, යුරෝපා සංගමය සහ නේටෝ සාම හවුලෙහි ද සාමාජිකයෙකි. (තව දුරටත්...) -
Image 19
පාකිස්ථානය යනු දකුණු ආසියාතික රටකි. අරාබි මුහුදින් සහ ඕමාන බොක්කෙන් මායිම්වූ කිලෝමීටර් 1,046ක මුහුදු සීමාවක් සහිත පාකිස්ථානය බටහිරින් ඇෆ්ගනිස්ථානයෙන් සහ ඉරානයෙන් ද, නැගෙනහිරින් භාරතයෙන් ද, ඊසාන දිගින් චීනයෙන් ද මායිම් වෙයි. මේ අනුව මෙය පිහිටා ඇත්තේ දකුණු ආසියාව, මධ්‍යම ආසියාව සහ මැද පෙරදිග යාකරන තැනකයි. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ද පදනම් වී තිබුණේ මෙම වත්මන් පාකිස්ථාන භූමිය තුළයි. වෛදික, පර්සියානු, ඉන්දු-ග්‍රීක, ඉස්ලාම්, තුර්කි-මොන්ගෝලියානු සංස්කෘතිවලින් ආභාෂය ලැබුණු පාකිස්ථානය ඉතිහාසයේදී ඉන්දු-ආර්ය, පර්සියානු, ග්‍රීක, අරාබි, තුර්කි, ඇෆ්ගන්, මොන්ගෝල්, සහ බ්‍රිතාන්‍ය ආක්රමණවලට මුහුණ දී ඇත.
ඉන්දීය නිදහස් අරගලය නිදහස් ඉන්දියාවකට මං සොයද්දී, පාකිස්ථාන ව්‍යාපාරය බ්‍රිතාන්‍ය ඉන්දියාවේ බටහිර සහ නැගෙනහිර ප්‍රදේශවල විසූ මුස්ලිම් බහුතරය සඳහා නිදහස් රාජ්‍ය ලබාගැනීමට වෙහෙසුණි. බ්‍රිතාන්‍යයෝ ඉන්දියාවට නිදහස දෙනවාත් සමගම සින්ද්, වයඹ පෙරමුණු ප්‍රාන්තය, බටහිර පන්ජාබය, බලුකිස්තානය සහ නැගෙනහිර බෙන්ගාලය එක් කොට මුස්ලිම් බහුතරයක් සහිත පාකිස්ථානය වෙන් කළහ. 1956 දී ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථාවත් සමග පාකිස්ථානය ඉස්ලාම් ජනරජයක් බවට පත්විය. 1971 දී ඇතිවුණු සිවිල් යුද්ධයෙන් අනතුරුව නැගෙනහිර පාකිස්ථානය බංගලාදේශය නමින් වෙනම රාජ්‍යයක් බවට පත්විය. (තව දුරටත්...) -
Image 20
තායි රාජධාණිය හෙවත් තායිලන්තය අතීතයේදී සියමය ලෙස හැඳින්විනි. එය ආසියාවේ ගිණිකොණ පිහිටි ස්වාධීන රටකි. එහි මායිම් උතුරින් බුරුමය සහ ලාඕස්, නැගෙනහිරින් ලාඕස් සහ කාම්බෝජය, දකුණින් තායිලන්ත මුහුදු බොක්ක සහ මලයාසියාව, බටහිරින් අන්දමන් මුහුද සහ දකුණු දිග බුරුමයට සීමාවේ. එහි වරාය ඇතුළත් වන්නේ තායිලන්ත බොක්කෙහි, වියට්නාමය ගිණිකොණ දෙසට හා නිරිත දෙසට ඉන්දුනීසියාව සහ අන්දමන් මුහුදෙහි ඉන්දියාව වේ. මෙම රට රාජාධානියකි. ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක් ඇති අතර, භූමිබොල් අදුල්යාදෙජ් රජු එහි 9 වන රජුය. මොහු 1946 සිට රට පාලනය කරන අතර ලෝකයේ දීර්ඝතම කාලයක් රාජ්‍ය පාලකයා හා තායි ඉතිහාසයේ දිර්ඝතම රාජතන්ත්‍රය වේ. රජු නිළ වශයෙන් රාජ්‍ය නායකයා, ත්‍රවිධ හමුදා නායකයා, බුද්ධ ධර්මය ඉදිරියට ගෙන යන සහ සෑම ආගමකම ආරක්ෂකයාය. තායිලන්තයේ විශාලතම නගරය වන්නේ බැංකොක්ය. එය රටේ දේශපාලන මුලස්ථානය, වාණිජ කර්මාන්ත සහ සංස්කෘතික ක්‍රියාකාරකම්වල මුලස්ථානයයි. භුමි ප්‍රමාණය 513,000 Km2 (198,000) වර්ග සැතපුම් වන තායිලන්තය ලෝකයේ භුමි ප්‍රමාණයෙන් 50 වන විශාලතම රටයි. ජනගහනය මිලියන 64 ක් වන මෙය ලෝකයේ 21 වන ජනාකීර්ණ රටයි. 75% ස්වදේශී තායි වන අතර, 14% චීන හා 3% ස්වදේශීය මැලේ ඉතිරිය කුඩා කණ්ඩායම් වන මොනිස්, කර්මස් සහ විවිධ කඳු ආශ්රිත ගෝත්‍රිකයන් වේ. තායිලන්තය තුල මිලියන 2.2 ක නීත්‍යානුකූල නොවන සංක්‍රමණිකයන් ප්‍රමාණයක් ඇත. එසේම සංවර්ධිත රටවලින් පිටුවහල් කරන ලද පුද්ලයන් ද වේ. රාජ්‍ය භාෂාව වන්නේ තායි භාෂාවයි. මුලික වශයෙන් බුද්ධාගම අදහන රටක් වන තායිලන්තයේ 95% ක් බෞද්ධාමිකයන්ය. 1985 සිට 1995 දක්වා කාලයේ තායි ආර්ථිකය වේගයෙන් ඉහළ ගිය අතර අළුතින් කාර්මීකරණය වූ රටක් වන මෙය සංචාරක ව්‍යාපාරය සමඟ පටායා, බැංකොක්, පුකෙට් සහ චැන්මයි යන නගර සහ අපනයනය තුලින් සැළකිය යුතු අන්දමින් ආර්ථිකයට දායක වි ඇත. අතීතයේ සියම ලෙස මෙරටට කියන ලදී. (තව දුරටත්...) -
Image 21
බංග්ලාදේශය දකුණු ආසියාතික රටකි. ගිනිකොණ දෙසින් ඇති ඉතා කුඩා මියන්මාර මායිම ද, දකුණෙන් පිහිටි බෙංගාල බොක්ක ද හැරුණු විට මුළු රටම ඉන්දියාවෙන් වට වී පවතියි. ඉන්දියාවට අයිති බටහිර බෙංගාල ප්‍රාන්තය ද බංග්ලාදේශය ද සහිත ප්‍රදේශයට බෙංගාලය යැයි කියනු ලැබෙයි. මෙහි නිල භාෂාව වන බෙංගාලි බසෙන් 'බංග්ලාදේශය' යන්න 'බෙංගාල රාජ්‍යය' යන අර්ථය ලබාදෙයි.
වත්මන් බංග්ලාදේශ දේශසීමා ලකුණු වූයේ 1947 දී සිදුවුණු බෙංගාල සහ ඉන්දියානු බෙදා වෙන්කිරීම් වලදීය. මෙහිදී පාකිස්ථානය නමින් රාජ්‍යයක් ඇතිවුණු අතර එයට අයත් නැගෙනහිර පාකිස්ථාන ප්‍රදේශය වත්මන් බංග්ලාදේශය වෙයි. කෙසේ වෙතත් පසුව ඇතිවූ දේශපාලනමය සහ භාෂාමය භේද නිසාත් ආර්ථික වශයෙන් ලැබුණු කුඩම්මාගේ සැලකිලි නිසාත් 1971 දී බංග්ලාදේශ නිදහස් සටන මගින් බංග්ලාදේශය වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කරන ලදී. නිදහස ලැබීමෙන් පසු දුර්භික්ෂ, ස්වභාවික විපත් සහ දුගී බව මෙන්ම දේශපාලන ගැටුම් සහ හමුදා කුමන්ත්‍රණ ද බංග්ලාදේශයේ සුලභ දසුනක් විය. 1991 දී ප්රජාතන්ත්රවාදය නැවත ස්ථාපිත කිරීමෙන් පසු වාතාවරණය සන්සුන් වූ අතර ක්රමික ආර්ථික දියුණුවක් ඇතිවිය. අද බංග්ලාදේශය ආගමික දේශපාලන පක්ෂ තහනම් කර ඇති ප්රජාතන්ත්රවාදී, අනාගාමික (secular), ඒකීය, ව්‍යවස්ථානුකූල ජනරජයක් වෙයි. (තව දුරටත්...) -
Image 22
ඊශ්‍රායලයේ නිල නාමය ‘ඊශ්‍රායල් රාජ්‍යය' යන්නයි.මෙය මධ්‍යධරණි මුහුදේ නැගෙනහිර වෙරළේ පිහිටි බටහිර ආසියානු කලාපයට අයත් රටකි. උතුරට ලෙබනනය, ඊසාන දිගට සිරියාව, නැගෙනහිරට ජෝර්දානය, නිරිත දිගට ඊජිප්තුව යන දේශ සීමාවන්ගෙන් ඊශ්‍රායලය වට වී තිබේ. ඊශ්‍රායලයේ සාපේක්ෂ කුඩා භූමි ප්‍රදේශයන්හි භූගෝලීය වශයෙන් එකිනෙකට අසමාන වූ අංග ලක්ෂණ දැකගත හැකිය. මෙය ලෝකයේ පිහිටි එකම බලවත් යුදෙව් රාජ්‍ය වන්නේ ය. මිලියන 7.5 ක් වූ ජනගහනයෙන් මිලියන 5.7 ක් ම යුදෙව් ජාතීහු වෙති. ඊශ්‍රායලයේ අරාබි රට වැසියන්ගෙන් දෙවන විශාලතම ජනවාර්ගික කණ්ඩායම සෑදී තිබෙන අතර මුස්ලිම්වරු, ක්‍රිස්තියානි භක්තිකයින්, ඩෲස් (Druze) සහ සාමාරියානුවන් (ආදී සමාරියේ වැසියන් ) මීට ඇතුලත් වෙති. නූතන ඊශ්‍රායල් රාජ්‍යයේ ඵෙතිහාසික හා ආගමික ප්‍රභවයේ මුලාරම්භය වනුයේ බයිබලයේ දැක්වෙන ඊශ්‍රායල් භූමියයි (Biblical Land of Isreal). පුරාතන යුගයේ සිටම යුදෙව් ආගමට කේන්ද්‍ර වූ සංකල්පයක් වන 'ඊශ්රායෙන් භූමිය' 'සියොන්' (Zion) නමින් ද දැක්වේ. යුදෙව් රාජ්‍යයක් බිහිකිරීමේ දේශපාලන ව්‍යාපාරය 19 වැනි සියවසේ අගභාගයේ පටන් හැඩ ගැසෙන්නට විය. යුදෙව් රාජ්‍යයක් ස්ථාපිත කිරීම පිළිබඳ මනාපය රැගත් බ්‍රිතාන්‍යය ප්‍රතිපත්තිය, 1917 'බල්ෆොර් ප්රකාශනයෙන්' (Balfour Decla ration) විධිමත් කරන ලදි. පළමුවන ලෝක යුද්ධයෙන් පසුව පලස්තීනය සහ එතුළ 'යුදෙව් ජාතික නිජබිම ' පිහිටුවීමේ වගකීම, ජාතීන්ගේ සංගමය (League of Nations) විසින් මහා බ්‍රිතාන්‍ය වෙත පවරනු ලැබීය.
යුදෙව් රාජ්‍යයක් හා අරාබි රාජ්‍යයක් බිහි කිරීම සහ ජෙරුසලම එක්සත් ජාතීන්ගේ පාලනයට නතු කිරීම යන කර්තව්‍යයන් තුන සඳහා පලස්තීනයේ කොටස් වෙන් කිරීමට පක්ෂව 1947 නොවැම්බර් මාසයේ දී එක්සත් ජාතීන්ගේ වරම ලැබිණි. ප්රස්තුත කොටස් කිරීම යුදෙව් ජන නායකයින් පිළිගනු ලැබුවද, අරාබි නායකයෝ එය ප්‍රතික්ෂේප කළහ. මෙය සිවිල් යුද්ධයකට මග පාදන්නක් විය. 1948 මැයි 14 වන දින ඊශ්‍රායෙල් ස්වකීය නිදහස් රාජ්‍ය ප්‍රකාශයට පත් කළේය. පසුදිනම අරාබි රාජ්‍යයන් එක්ව පහර දුන්හ. එතැන් පටන් ඊශ්‍රායලය අසල්වැසි අරාබි රාජ්‍යයන් සමඟ අනුක්‍රමික යුද ගණනාවක පැටලී සිටී. මෙහි ප්‍රතිඵලයක් ලෙස, විවිධ පෙදෙස් ඊශ්‍රායලය විසින් බලෙන් අල්ලා ගෙන ඇත. බටහිර ඉවුර හා ගාසා තීරය එවන් ප්‍රදේශ දෙකකි. මේ තත්ත්වය 1949 'ආමිස්ටයිස්' ගිවිසුමේ සවිස්තරව සඳහන් කර ඇති වගන්ති අභිබවා ඇති නමුදු පලස්තීනය සමඟ ඇති ආරවුල සමථයකට පත් කර ගැනීමේ උත්සාහය මෙතෙක් ලබා ඇත්තේ සීමිත සාර්ථකත්වයකි. ඊශ්‍රායලයේ සමහර ජාත්‍යන්තර දේශසීමා පිළිබඳ මතභේද තවමත් අවසන්ව නැත. (තව දුරටත්...) -
Image 23
දකුණු කොරියාව නැගෙනහිර ආසියාවේ පිහිටි අතර, එය කොරියානු අර්ධද්විපයේ දකුණු භාගයේ ස්ථානගත වී ඇත. එහි අසල්වැසියන් වන්නේ බටහිරින් චීනය, නැගෙනහිරින් ජපානය, උතුරින් උතුරු කොරියාව ය. අගනුවර වන්නේ සෝල්ය. එහි සෞම්‍ය දේශගුණයක් පිහිටි අතර ප්‍රධානම භුමිය කඳු සහිතය. භුමි ප්‍රමාණය වර්ග කි.මී. 100,032 වන අතර ජනගහනය මිලියන 50 කට අධිකය. පුරාවිද්‍යාත්මක සොයා ගැනීම්වලට අනුව කොරියානු අර්ධද්විපය පේලියෝලිනික් යුගයේ දී ද ජනාවාස වී තිබුණි. කොරියානු ඉතිහාසය 2333 ක්‍රි.පූ.(ක්‍රිස්තු පූර්ව) පුරාතන ඩැන් ගුන් විසින් ගෝජොසොන් සොයා ගැනීමත් සමඟ ඇරඹීය. එය 668 ක්‍රි.ව.(ක්‍රිස්තු වර්ෂ) සිල්ලා හි කොරියානු අධිරාජ්‍ය තුනේ එකතුවීමත් සමඟ සිදුවිය. 1910 කොරියානු අධිරාජ්‍යයේ අවසානය තෙක් එය ගොර්යෝ හා ජොසොන් අධිරාජ්‍යයන්ගේ ආධිපත්‍යය යටතේ විය. එය කොරියාව ජපානය සමඟ සම්බන්ධ කරන තෙක් පැවතුණි. සෝවියට් හා ඇමරිකන් හමුදා මෙය අත්පත් කර ගත් පසු මෙය උතුරු හා දකුණු කොරියාව වශයෙන් වෙන් කෙරුණි. 1948 දී මෙහි ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන ලදි. කොරියානුවන් දෙපක්ෂය අතර යුද්ධය, යුධ විරාමයකින් අවසන් වූ අතර ඉන්පසු දකුණු කොරියානු ආර්ථිකය සැලකිය යුතු අන්දමින් වර්ධනය වු අතර, එය මුලික ආර්ථිකයන් හා සම්පුර්ණ ප්රජාතන්ත්රවාදයන් දක්වා පරිවර්තනය විය. මෙම රටෙහි ජනාධිපති සමුහාණ්ඩුවක් පවතින වන අතර පාලන ප්‍රදේශ 16 කින් යුක්ත සංවර්ධිත රටක් වන ඉහල ජිවන මට්ටමක් පවති. එහි ආසියාවේ 4 වන විශාලතම ආර්ථිකය හා ලොව 15 විශාලතම ආර්ථිකය වේ. මෙහි අපනයන ආර්ථිකයන් තිබෙන අතර, විද්‍යුත් උපකරණ, රථවාහන, නෞකා, යන්ත්‍රෝපකරණ, පෙට්ට්‍රෝ රසායනිකය සහ රොබෝ විද්‍යාව මුල් තැනක් ගනී. එය එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක වෙළඳ ආයතනය(WTO), ආර්ථික සහයෝගය හා සංවර්ධනය පිළිබඳ සංවිධානය(OECD) හා G – 20 ආර්ථිකයේ සාමාජිකයෙකි. මෙම රට ඇපෙක් සහ නැගෙනහිර ආසියා සමුළුවේ නිර්මාතෘ සාමාජිකයෙකි. (තව දුරටත්...)
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට ආසියාව සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
තෝරාගත් සේයාරු
-
Image 2නාගසාකියේ සැලැස්ම, 1860 (from නාගසාකි)
-
Image 3මෙයිජි යුගයේ නාගසාකි දිස්ත්‍රික් කාර්යාලය. (from නාගසාකි)
-
Image 4ටයිශෝ යුගයේ නාගසාකි නගර කාර්යාලය. (from නාගසාකි)
-
Image 5නාගසාකියේ සැලැස්ම, හයිසෙන් පළාත, 1778 (from නාගසාකි)
-
Image 6නාගසාකි නුවර නකශිමා ගංගාව හරහා ඉදිකර තිබූ ගල් පාලම් කිහිපයක්. 1870 දශකයේදී උචිඩා කුයිචි විසින් ගත් ඡායාරූපයකි. (from නාගසාකි)
-
Image 7නාගසාකි වෙරල තීරය (from නාගසාකි)
-
Image 8වෛශාලියේ ඇති අශෝක ස්ථම්භය (from ඉන්දියාවේ ඉතිහාසය)
-
Image 9හරප්පාවේ ධාන්‍යාගාරය සහ මහා ශාලාවේ දර්ශනයක් (from ඉන්දියාවේ ඉතිහාසය)
-
Image 10ලිස්බන් සිට නාගසාකි දක්වා නාවික ගමන් මාර්ගය (from නාගසාකි)
-
Image 11ඉදිරියේ පිහිටන මහා ස්නානාගාරය ඇතුළු කැණීම් වලින් මතුකරගත් මොහෙන්ජෝදාරෝවේ නටඹුන් (from ඉන්දියාවේ ඉතිහාසය)
-
Image 14ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත කලා කෞතුකාගාරයේ ඇති 2600–2450 BCE කාලයේ හරප්පන් ශිෂ්ටාචාරයට අයත් බඳුනක් (from ඉන්දියාවේ ඉතිහාසය)
-
Image 15ඉන්දියානු උප මහාද්වීපයේ ඇලෙක්සැන්ඩර්ගේ ආක්‍රමණය (from ඉන්දියාවේ ඉතිහාසය)
-
Image 16නාගසාකි වෙත පැමිණෙන පෘතුගීසි කැරැක් නෞකාවක චිත්රයකි. මෙය 1571 දී පමණ නිර්මාණය වූ ජපාන නැන්බැන් යුගයට අයත් බ්යෝබු නිර්මාණයකි. (from නාගසාකි)
උප ප්‍රවර්ග
- උප ප්‍රවර්ග නැරඹීම සඳහා [►] තෝරන්න
උප මාතෘකා
ස්වාධීන රාජ්‍යයන් |
| ||||||
---|---|---|---|---|---|---|---|
සීමිත පිළිගැනීමක් ඇති රාජ්‍යයන් | |||||||
යටත් ප්‍රදේශ සහ විශේෂ පාලන ප්‍රදේශ |
|
ආශ්රිත විකිමීඩියා
විකිබුක්ස්
පොත්
කොමන්ස්
මාධ්‍ය
විකිනිව්ස්
පුවත්
විකික්වෝට්
කියමන්
විකිසෝර්ක්
මූලාශ්‍ර
විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර
වික්ෂනරි
අර්ථ දැක්වීම්
විකිඩේටා
දත්ත ගබඩාව
- ↑ "Like herrings in a barrel". The Economist. December 23, 1999.
- ↑ National Geographic Atlas of the World (7th ed.). Washington, DC: National Geographic. 1999. ISBN 978-0-7922-7528-2. "Europe" (pp. 68–9); "Asia" (pp. 90–1): "A commonly accepted division between Asia and Europe ... is formed by the Ural Mountains, Ural River, Caspian Sea, Caucasus Mountains, and the Black Sea with its outlets, the Bosporus and Dardanelles."