ද්වාරය:උතුරු ඇමෙරිකාව
Portal maintenance status: (2024 අප්‍රේල්)
|
හැඳින්වීම
උතුරු ඇමෙරිකාව පෘථිවියේ උතුරු අර්ධගෝලයේ සහ බටහිර අර්ධගෝලයේ පිහිටි මහාද්වීපයකි. එය උතුරින් ආක්ටික් සාගරයෙන් ද, නැගෙනහිරින් උතුරු අත්ලාන්තික් සාගරයෙන් ද, ගිනිකොණින් කැරිබියන් මුහුදින් ද, බටහිරින් උතුරු ශාන්තිකර සාගරයෙන් ද වට වී ඇත. දකුණු ඇමෙරිකාව පිහිටා ඇත්තේ එයට ගිනිකොණ දෙසට වන්නටය.
වර්ග ප්‍රමාණය වර්ග කිමී 24,709,000ක පමණ වන උතුරු ඇමෙරිකාව මුළු පෘථිවි පෘෂ්ඨයෙන් 4.8%ක් ද මුළු පෘථිවි භූමි ප්‍රමාණයෙන් 16.5%ක් ද වසා පවතියි. එය විශාලත්වය අතින් තුන්වැනි මහාද්වීපය වන අතර (ආසියාවට හා අප්‍රිකාවට පසුව) ජනගහණය අතින් සිව්වැනියා වේ (ආසියාවට, අප්‍රිකාවට හා යුරෝපයට පසුව).
තෝරාගත් ලිපි
-
Image 1
ඇමරිකා එක්සත් ජනපදය නොහොත් එක්සත් ජනපදය මෙන් ම, US නමින් ද, USA නමින් ද ඇමරිකාව නමින්ද හැඳින්වෙන්නේ ප්‍රාන්ත පනහකින් සහ ෆෙඩරල් දිස්ත්‍රික්කයකින් සමන්විත වූ ෆෙඩරල් ව්‍යවස්ථාදායක ජනරජයකි. මෙහි බහුතර භූමිය පිහිටා ඇත්තේ උතුරු මැද ඇමරිකාවේය, එහි ප්රත්යාසන්න ප්‍රාන්ත 48 ක් සහ අගනුවර දිස්ත්‍රික්කය වන වොෂිංන්ටන් ඩී.සී. ද පිහිටා ඇත්තේ පැසිෆික් සහ අත්ලාන්තික් සාගර අතර ය. උතුරු මායිමේ පිහිටන්නේ කැනඩාව ය. දකුණු මායිමේ පිහිටන්නේ මෙක්සිකෝව ය. ඇලස්කා ප්‍රාන්තය වයඹින් පිහිටා ඇති අතර එහි නැගෙනහිර මායිම් වෙන්නේ කැනඩාවෙනි. එය බටහිරින් මායිම් වෙන්නේ බේරින් සානුව එපිටින් පිහිටන රුසියාවයි. හවායි ප්‍රාන්තය පැසිෆික් සාගරය මධ්‍යයේ පිහිටි කොදෙව් දූපත් සමූහයකින් සෑදෙන්නකි. මෙම රටට කැරිබියන් හා පැසිෆික්හි භෞමික ප්‍රදේශයන් කිහිපයක් අයිති වෙයි. වර්ග සැතපුම් මිලියන 3.79 ක් (වර්ග කිලෝමීටර් මිලියන 9.83) යුතු මෙම රටෙහි ජනගහනය මිලියන 314 කට වඩා අධික ය. රටට අයත් සම්පූර්ණ ප්‍රමාණය සැලකිල්ලට ගැනීමේ දී එය ජනගහණයෙන් හා භූමි ප්‍රමාණයෙන් යන දෙකින් ම ලොව තුන්වන හෝ හතරවන විශාලතම රට වෙයි. ලෝකයේ විවිධ රටවල් වලින් විශාල සංඛ්‍යාවක් සංක්‍රමණිකයන් පැමිණීම හේතුවෙන් ලෝකයේ වඩාත් ම විවිධ වූ ජනවාර්ගික නියෝජනයෙන් යුක්ත හා බහුසංස්කෘතික වූ රටක් වෙයි.
අද ඇමරිකාව යැයි සැලකෙන මහා භූමි ප්‍රමාණයට වසර 15,000 කට පමණ පෙර ආසියාවෙන් පේලියෝඉන්දියානුවන් සංක්‍රමණය වූවා යැයි සැලකේ. ස්වදේශී ඇමෙරිකන් ජනගහණය ඔවුන් වෙතින් පැවත එන්නන් සේ සැලකෙන අතර ක්‍රමයෙන් ජනගහණය අඩු වී යන්නේ පළමුව යුරෝපීයයන් ගේ පැමිණීමත් සමඟ ඔවුන් හා සබඳතා පැවැත්වීමේ දී බෝවෙන ලෙඩ රෝග වැළඳීමත් අනතුරුව ඒ තත්වය යුරෝපීය යටත්විජිත පටන් ගැනීමේ දී වැඩියෙන් පැතිර යාමත් නිසා ය. අත්ලාන්තික වෙරළබඩ පළාත් හි වූ බ්‍රිතාන්‍යය යටත්විජිත උපනිවේෂ දහතුනකින් ඇමෙරිකාව මුලින් සෑදෙන ලදි. 1776 ජූලි 04 වැනිදා මහාද්වීප කොංග්‍රසයට සහභාගී වූ උපනිවේෂ නියෝජිතයන් විසින් නිදහස් ප්රකාශනයක් නිකුත් කරන ලද්දහ. එයින් කියා සිටියේ ඔවුනට ස්වෛරීභාවයට සහ ස්වාධීන රාජ්‍යයක් පිහිටුවන්නට අයිතියක් ඇතැයි කියාය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය පරාජය කරමින් විප්ලවිය ප්‍රාන්ත විසින් ඇමෙරිකානු විප්ලවීය අරගලය ජයගන්නට සමත් වූහ. එය යටත්විජිතයක් ස්වාධීනත්වය දිනාගත් ප්‍රථම සාර්ථක යුද්ධයයි. වර්තමාන ඇමරිකන් එක්සත් ජනපද ව්‍යවස්ථාව පිහිටුවා ගන්නේ 1787 සැප්තැම්බර් 17 වැනිදා ය. එහි අපරානුමත කිරීම් ඊ ළඟ වසරේ දී සිද්ධ වෙන්නේ සියළු ප්‍රාන්ත එකතු වෙමින් ඒකීය ජනරජයක් හා ශක්තිමත් මධ්‍යම ආණ්ඩුවක් නිර්මාණයෙනි. ව්‍යවස්ථා ප්රතිසංශෝධන දහයකින් මූලික සිවිල් අයිතීන් හා නිදහස තහවුරු කරන අයිතීන්ගේ ව්‍යවස්ථා කෙටුම් පනත අපරානුමතය සිදු වෙන්නේ 1791 දී ය. (තව දුරටත්...)
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට උතුරු ඇමෙරිකාව සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
උප මාතෘකා
Sovereign states |
| ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Dependencies |
|
Dependent territories are in italics | ||||
|
Sovereign states | |
---|---|
Dependencies and other territories |
ආශ්රිත විකිමීඩියා
විකිබුක්ස්
පොත්
කොමන්ස්
මාධ්‍ය
විකිනිව්ස්
පුවත්
විකික්වෝට්
කියමන්
විකිසෝර්ක්
මූලාශ්‍ර
විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර
වික්ෂනරි
අර්ථ දැක්වීම්
විකිඩේටා
දත්ත ගබඩාව