යං ඩී-පර්තුවාන් අගොං

විකිපීඩියා වෙතින්

නිල වශයෙන් මලයාසියාවෙහි රජ ලෙසින් හැඳින්වෙන සහ ෆෙඩරේෂනයෙහි අත්‍යුත්තම නායකයා ලෙසින්, අත්‍යුත්කෘෂ්ට පාලකයා ලෙසින්, හෝ සරල ලෙසින් අගොං ලෙසින්ද හැඳින්වෙන යං ඩී-පර්තුවාන් අගොං (සාහි. රජතුමා ලෙසින් පත්කෙරුණු තැනැත්තා ,[1] ජාවි: يڠ دڤرتوان اݢوڠ‎), යනු, මලයාසියාවෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල රජතුමා සහ රාජ්‍ය නායකයා වෙයි. . 1957 වසරෙහිදී මෙම තනතුර සංස්ථාපනය කරන ලද්දේ, මලයා ෆෙඩරේෂනය (වර්තමානයෙහි මලයාසියාව) එක්සත් රාජධානියෙන් නිදහස ලබා ගත් විටය. මලයා රාජ්‍යයන්ගේ පාලකයන් නවදෙනා වෙතින් සමන්විත පාලකයන්ගේ සම්මේලනය විසින්, යං ඩී-පර්තුවාන් අගොං තෝරාපත්කර ගනු ලබන අතර තනතුර ඔවුනතර තත්ත්වාකාරයෙන් භ්‍රමිත වන බැවින්ම, මලයාසියාව ලෝකයෙහි තේරීපත්වන රාජාණ්ඩු ස්වල්පය අතරින් එකක් වෙයි.

17වන සහ වර්තමාන යං ඩී-පර්තුවාන් අගොං වන්නේ ජොහෝර්හී ඊබ්‍රාහීම් ඉස්කන්දා වෙයි. පාලකයන්ගේ සම්මේලනය විසින් 2023 ඔක්තොම්බර් 26 දින විශේෂ රැස්වීමකදී ඔහු තෝරා පත් කර ගන්නා ලදි; ඔහු විසින් නිලයෙහි ශපථ කිරීම සහ දිවුරුම් දීම, 2024 ජනවාරි 31 දිනදී ඉස්තනා නෙගරා හිදී සිදු කෙරිණි.

  1. "මැලේෂියා කිං: සුල්තාන් මොහාම්මඩ් V ස්වෝර්න් ඉන්". බීබීසී. 13 දෙසැම්බර් 2016. 19 ඔක්තොම්බර් 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 21 ජූලි 2018.
"https://si.wikipedia.org/w/index.php?title=යං_ඩී-පර්තුවාන්_අගොං&oldid=627722" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි