සැකිල්ල:විකිපීඩියා මුල්පිටුව බඳ

විකිපීඩියා වෙතින්

තෝරාගත් ලිපිය

නත්තල හෙවත් නත්තල් දිනය සෑම වසරකදී ම දෙසැම්බර් 25 වන දින පැවැත්වේ. එදින නාසරෙත්හි ජේසුස් වහන්සේගේ උපත සිහිපත් කෙරෙනු ලබයි. මෙදින නූතන චාරිත්‍ර බොහොමයක් පවත්වන අතර, තෑගි දීම, ක්‍රිස්තියානි දේවස්ථාන වල උත්සව පැවැත්වීම, නත්තල් ගස් සහ ගේ දොර සැරසීම ඉන් ප්‍රධාන වේ. සැන්ටා ක්ලෝස් හෙවත් නත්තල් සීයා මෙම උත්සව කාලයේ දී කුඩා ළමුන් අතර ජනප්‍රිය මිථ්‍යා චරිතයකි. ඔහු නත්තල් කාලයේ දී තෑගි ගෙන ඒම වෙනුවෙන් ප්‍රසිද්ධ වන අතර, පුරාණයේ ජීවත් වුනු සාන්ත නිකලස් හා ක්‍රිස්තියානි විශ්වාස වලට අනුකූල ව සෑදුනු චරිතයක් බවට විශ්වාස කෙරේ. ඔහුගේ වර්තමාන හැඩරුව 19 වන සියවසේ දී සම්භූත වී ඇත. නත්තල් උත්සවය සියලුම කිතුනු බැතිමතුන් විසින් සමරනු ලබන අතර, වෙනත් ආගම් වල ජනතාව විසින් ද සංස්කෘතික උත්සවයක් ලෙස සමරනු ලැබේ. එය මුලු ලොව ම පුරා පවත්වන උත්සවයකි. ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ජනතාව අතරින් 96% ක් නත්තල සිහිපත් කරති. (තව දුරටත්...)

තෝරාගත් ලිපි: පසුගිය සතියමීළඟ සතිය

පුවතකින් බිඳක්...

කොරෝනාවෛරස ව්‍යාප්ත වසංගතය

කියමන

දවසේ කියමන


සතියේ වදන

කියමනක්

නිර්මාණය යනු විහිළු වදනකි. සමහරුන්ගේ අදහසෙහි සැටියට නිර්මාණය යනු යමක් පෙනෙන ආකාරයයි. එහෙත් ගැඹුරට ගියහොත් එය ඇත්තටම යමක් ක්‍රියා කරන ආකාරයයි. -- ස්ටීව් ජොබ්ස්


ඔබ දන්නවාද...

විකිපීඩියාවෙහි නවතම තොරතුරු වලින්:

ලිනස් ටොවල්ඩ්ස් 2002දී

  • ...ලිනස් ටොවල්ඩ්ස්ට (සේයාරුව) නම තබා ඇත්තේ පීනට්ස් කාටූනයේ එන ලිනස් චරිතය අනුසාරයෙන් බව?
  • ... ග්‍රෙගරි දිනදසුන යනු ජාත්‍යන්තර වශයෙන් පිළිගැනුනු සිවිල් දින දසුනයි. ‍ලොව බොහෝ රටවල් මෙය රටේ සම්මත දින දසුන ලෙස භාවිතා කරයි.
  • ... මතකය (ස්මෘතිය) යනු ජීවියෙකු තුළ තොරතුරු ගබඩා කිරීමට, රඳවා ගැනීමට සහ ඉන්පසුව එම තොරතුරු නැවත එළි දැක්වීමට ඇති හැකියාවයි.
  • ... පෘථිවියෙහි භ්‍රමණය යනු තම අක්ෂය වටා පෘථිවියෙහි භ්‍රමණයයි. පෘථිවිය නැගෙනහිර දිශාවට භ්‍රමණය වෙයි. උතුරු තරුව පොලාරිස් සිට නිරික්ෂණය කරන විට, පෘථිවිය කරකැවෙන්නේ වාමාවර්තවය.
  • ... සංඛ්‍යාංක සම්ප්‍රේෂණයේදී, බීටු දෝෂ සංඛ්‍යාව යනු සන්නිවේදන නාලිකාවක් ඔස්සේ දත්ත ප්‍රවාහයක් යැවුනු පසුව ප්‍රතිග්‍රාහණය වන බීටු අතුරින්, ඝෝෂාව, නිරෝධනය, කුරූපණය හෝ බීටු සමමුහූර්තකරණ දෝෂ නිසාවෙන් විවිර්තනය වන්නාවූ බීටු සංඛ්‍යාව වෙයි.
  • අතීතයේ අද වැනි දිනක

    තෝරාගත් සේයාරුව

    Australasian Darter

    මෙම රූපයෙන් දැක්වෙනුයේ සිඩ්නි,නිව් සවුත් වේල්ස්,ඕස්ට්‍රේලියාවෙහි පිහිටා තිබෙන ඔපෙරා හවුස් ගොඩනැගිල්ලයි.මෙය විසිවෙනි සියවසෙහි ඉදිකල ඉතාමත් කැපී පෙනෙන සහ ප්‍රසිද්ධ ගොඩනැගිලි වලින් එකකි.

    සේයාව: Chmouel